බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

WhatsAppImage2024-07-30at092908.jpeg
WhatsAppImage2024-07-30at093007.jpeg

අප විදුහල දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියයි.1846 දී පමණ පොල් අතු මඩුවකින් පාසල ආරම්භ වූ බව කියවේ.එවකට පිහිටි අතලොස්සක වූ ස්වභාෂා පාසල් අතර මෙම පාසලට ද හිමි වූයේ ප්‍රධාන තැනකි.පාසල බිහි කිරීමේ පුරෝගාමියා ලෙස ජනාදරයට පත්වන්නේ කොළඔ අගරදගුරු අති ගරු වැලේරියන් සිල්වානි නාහිමිපාණන් ය.එතුමාගේ මැදිහත් වීම මත වැලිවේරිය දෙව්මැදුර අයත්ව තිබූ දළුගම මීසම පාලනය කළ දකුණු ඉන්දීය ජාතික ඔර්තොර්යානු පූජක ගරු කන්ජිමනාදන් පියතුමා මුල්ම පාසල් ගොඩනැගිලි ඉදිකිරිම කරන ලදි.පාසලේ ආරම්භක මුල්ගුරුන් ලෙස ගෞරවය දිනා ගනුයේ පලිහවඩන ආරච්චිගේ මර්තීනු පෙරේරා මහතාය..1909 දී පමණ ගරු ගිරිගෝරිස් සිල්වා මැතිතුමා පිරිමි පාසලක් ව තිබූ පාසල වැඩිදියුණු කරමින් නව ගොඩනැගිල්ලක් ඉදි කර මිශ්‍ර පාසලක් බවට පත් කෙරිණි. 


මෙම විදුහලේ මුල් ගුරුවරයා ලෙස 1917 දී කේ.ඇල්බැතුර්තු පෙරේරා මහතා පත්ව වසර 24 ක් සේවය කරන ලදි.ගරු ඩොමිනික් පියතුමා පාසල් ප්‍රගමණයට මහත් කැපවීමකින් කටයුතු කළ අතර නව ගොඩනැගිල්ලක් ඉදි කර මිශ්‍ර පාසල ගැහැණු හා පිරිමි පාසල් බවට පත් කරවිය.ඇල් බදර්තු මහතාගේ බිරිඳ වූ පී.ඇග්නස් මේරි ජොසමින් මහත්මිය කාන්තා පාසලේ මුල් ගුරුතුමිය වූවාය. මෙහි දී මීසම භාර වීරක්කොඩි පියතුමා පාසලට නව ගොඩනැගිල්ලක් එකතු කර එය බාලාංශ ළමයින්ගේ ඉගෙනුමට එකතු කළහ. අංක 8 දරණ විශේෂ විධි විධාන පනත යටතේ උපකෘත පාසල් රජයට පවරා ගැනිමෙන් පසු පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා කණිෂ්ඨ මිශ්‍ර පාසල් ලෙසින් ද, 9 සිට 12 ශ්‍රේණිය දක්වා මිශ්‍ර මහා විදුහලක් බවට පත්විය.


1963.01.01 සිට පල්ලියේ පාසල ලෙස ඇමතු ශාන්ත අන්තෝනි පාසල “ මද්දුම බණ්ඩාර විදුහල ” ලෙස නම් විය.1994.01.01 උසස් පාඨමාලා සහතිකපත්‍ර කලා පන්ති පැවැත්වීමට අනුමැතිය ලැබුණි.උසස් පෙළ සිසුන් පස් දෙනෙක් සිටි අතර සා/පෙළ සිසුන් පනස් දෙකක් ද ,උපාධිධාරී ගුරුවරු තිදෙනෙක් ද එහි වූහ. එම්.කේ.අත්තනායක විදුහල්පතිතුමා මෙම විදුහලේ දියුණුව වෙනුවෙන් කැපවී සේවය කළහ.මෙහි දී වසර 16 ක කාලයක් විදුහල්පති අත්තනායක මැතිතුමාගෙන් පාසලට සිදු වූ සේවාව කිසිකෙනෙකුට අමතක නොවනු ඇත.


සියවස් ජයන්ති උත්සවය  ද පැවැත්වුණි.1973.11.01 දින අක්කර 04 රූඩ් 03 පර්චස් 10 ක ඉඩමක් පාසලට ලැබීමත් සමඟ 1979.06.25 දින වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විදුහල දෙව් මැදුරේ සිට කිලෝමීටරයකට දුරින් පිහිටි රඔුටන් ගහවත්ත ප්‍රදේශයට ගෙන යන ලදි.


1984 කනිටු විදුහලේ ගොඩනැගිලි රජයේ විදමින් ප්‍රතිසංස්කරණය කිරිම සිදුවිය.1987.03.18 දින වැඩ භාරගත් ප්‍රින්සි මේරි විදුහල්පතිතුමියගේ කාලයේ ජපන් ආධාර මත කණිෂ්ඨ පාසල ඉදිවිය.දේවස්ථානයේ ගරු ජුලියස් පියතුමාගේ කාලයේදී පල්ලියට ලැබුණු තෙන්නකෝන් වත්ත නම් අක්කරයක ඉඩමේ නව පාසල් ගොඩනැගිල්ල ඉදිවිය.මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1969.02.01 වැඩභාරගත් එම්.ඒ.කේ.අත්තනායක මහතාගේ සේවා කාලයයි.


1986.09.02 දින සිට මෙම පාසල පර්ෂද මූලස්ථ මහා විද්‍යාලයක් බවට පත්විය.1986.09.08 දින වැඩ භාරගත් එල්.ඩී.එම්.ප්‍රේමසිරි මහතාගේ සේවා කාලයද කැපීපෙනෙයි.එච්.ඩබ්ලිව්.සේකර මහතා වැඩබැලීය.ඉන්පසු විදුහල්පතිධූරයට පත්වූවෝ අතර ගුණවර්ධන මහත,චන්ද්‍රලතා මහත්මිය,වැඩබලන විදුහල්පති ඊ.ඒ.ජයාසේන මහතාත්වූහ.මෙතෙක් 1C පාසලක්ව පැවති විදුහල ද්විතීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ විය.ඒ යටතේ 2013.07.23 මහින්දෝදය තාක්ෂණාගාරයට මුල් ගල තැබීය.මේ වන විට 2013.06.07 දින වැඩ භාරගත් එල්.ඒ.කේ.ගීතාංගනි මහත්මිය 2021.12.08 වන දින විශ්‍රාම ගන්නා ලදී. එම විදුහල්පතිතුමියගේ හා ගුරුභවතුන්ගේ  නොපසුබස්නා ධෛර්ය විදුහලේ ප්‍රගමනයට මහත් රුකුලක් විය.


2013 වර්ෂයෙන් පසුව පාසල විසින් භෞතික සම්පත් රාශියක් ඒකරාශීකර ගැනිමට සමත් වූ අතර ක්‍රීඩාව,සෞන්දර්යය,තාක්ෂණය හා විෂය සමගාමී කටයුතු වලට ඉන්මහත් අත්වැලක් වී ඇත. ඒ වන විට  පාසලේ සාමාන්‍ය පෙල විභාග ප්‍රතිළුල 2013 දී 28% ව පැවති ප්‍රතිළුල ක්‍රමයෙන් ඉහල අගයක් කරා ලගා වී වසර 05ක් තුළ 60% දක්වා අගයකට පැමිණියේය.පාසල කෙමෙන් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට පත්විය. ඒ අතර තුළ කාලයේදී බලශක්ති සමාජය මගින් පැවැත්වූ ඩිජිටල් පෝස්ටර් තරගාවලියෙන් සමස්ථ ලංකා පථම ස්ථානයද, කරාතේ කණිෂ්ඨ අංශයේ ජාත න්තර මට්ටමේ දෙවන ස්ථානයද,ගම්පහ දිස්තක් කකට් කණ්ඩායම පාසලේ සිසුවකු තේරිපත්වීම,පසුගිය වර්ෂ කිහිපය තුළදී පළාත් මට්ටමින් නර්තන ජයගහන ලැබූ අතර 2019 වර්ෂයේදී සමස්ථ ලංකා නර්තන දෙවන ස්ථානය ලබා ගැනීම,සංගීත අංශය පසුගිය වර්ෂ කිහිපයේදීම පළාත් සහභාගීත්වය හා 2019 වර්ෂයේදි සමස්ථ ලංකා සහභාගි විය.


එල්.ඒ.කේ.ගීතාංගනි මහත්මියගේ විශ්‍රාම යාමෙන් පසු පාසලේ නියෝජ්‍ විදුහල්පතිතුමිය ලෙස කටයුතු කළ ජී  ඒ ජී එස් ධර්මසේන මිය  2021.12.08 දින සිට 2022.02.01 දින දක්වා වැඩ බලන පාසලේ විදුහල්පති තුමිය ලෙස කටයුතු කළේය. එස්. එන්.  පී. සිල්වා මිය 2022.02.02 වන දිනය පාසලේ නව විදුහල්පතිතුමිය ලෙස වැඩ භාර ගන්නා ලදී.පාසලේ වර්තමාන විදුහල්පතිතුමිය ලෙස එස්. එන්.  පී. සිල්වා මිය කටයුතු කරය