බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

WhatsAppImage2024-07-30at092908.jpeg
WhatsAppImage2024-07-30at093007.jpeg

විදුහල්පති පණිවිඩය

S.N ප්‍රියංගි සිල්වා මහත්මිය

1963 වර්ෂයේ සිට වැලිවේරිය පුරවරයේ සිසු දරැ දැරියන්ගේ දක්ෂතා කුසලතා ඔපගැන්වීමේ මහඟු ඉතිහාසයකට උරුමකම් කියන මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.

දරුවන්ගේ මනස පෝෂණය කිරීමේ භාරදූර වගකීම සහ ඔවුන් යහපත් වගකිවයුතු ගෝලීය පුරවැසියන් බවට පත්කිරීම අප සතු වගකීම වේ. සියලුම ආගම් , සංස්කෘතීන් කෙරෙහි ඉවසීම, ගරුත්වය, කරුණාවන්ත බව යන ගුණාංග වලින් පිරිපුන් දරු පිරිසක් සමාජගත කිරීමට අපි කැපවී සිටිමු. වර්තමාන ලෝකයේ තරඟකාරී බවට සාර්ථකව මුහුණ දිය හැකි ප්‍රඥාවන්ත නායකත්ව ගුණාංග වලින් පරිපූර්ණ පරපුරක් ඕනෑම රටක සංවර්ධනයේ මූලික අවශ්‍යතාවය වේ.එවන් පරපුරක් සමාජගත කිරීමට මද්දුම බණ්ඩාර විද්‍යාලයේ අපි සැම ඇපකැපවී සිටින්නෙමු.

ශාස්ත්‍රීය මට්ටමෙන් ඔබ්බට ගිය විවිධාකාර අංශ වල දක්ෂතා සහිත දරුවන්ගේ එම දක්ෂතා හා කුසලතා හඳුනාගෙන ඒ ඔස්සේ ඉදිරියට පියනැගීමට අපි සැමදා සහය දක්වමු.

සැමට පෙර යුතුකම යන ආදර්ශ පාඨය මූලික කරගෙන සමාජයීය යුතුකම් වගකීම් නිවැරදිව හඳුනාගත් ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි වගකීම් සහගත දූදරුවන් පිරිසක් සමාජයට දායාද කිරීමට අප විද්‍යාලය සැමදා පෙරමුණ ගන්නා බවට අපි සහතික වන්නෙමු.

S.N ප්‍රියංගි සිල්වා මහත්මිය
විදුහල්පති
මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය.