නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
N.K දිසානායක මහත්මිය
මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය ඈත අතීතයකට උරුමකම් කියන දිජනන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන ප්‍රදේශයේ ජනප්‍රිය මහා විද්‍යාලයකි. බහු ආගමික වටපිටාවක පිහිටි අප පාසල ආගමික සහයෝගීතාවය සඳහා ආදර්ශ සපයයි.අධ්‍යාපනික අංශයෙන් මෙන්ම විෂය බාහිර විවිධ දක්ෂතා හා කුසලතාවයන්ගෙන් සපිරි දරු පිරිසක් අප පාසල සතු වේ.
පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. එවන් සිසු පිරිසක් අනාගතයේ දීද සමාජයට දායාද කිරීම අපගේ ප්‍රමුඛ අරමුණ වේ. දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපිරීම සඳහා මනා සුදුසුකම් සපිරි ආචාර්ය මණ්ඩලයක් අප සතු වේ.එමෙන්ම පාසල සතු ක්‍රීඩාංගනය,මහින්දෝදය විද්‍යාගාරය,සුහුරු පන්ති කාමරය,සාමාන්‍ය පෙළ විද්‍යාගාර වැනි භෞතික සම්පත් දරුවන්ගේ දක්ෂතා කුසලතා ඔපනැංවීමට තෝතැන්නක් වේ.
සැමට පෙර යුතුකම යන ආදර්ශ පාඨය මුල්කරගෙන ඉදිරියටත් සිසු දරු දැරියන්ගේ නුවණැස පාදන කෙම්බිමක් වන්නට අප විද්‍යාලයට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
N.K දිසානායක මහත්මිය
නියෝජ්‍ය විදුහල්පති
ගම්/මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය.






