පාසලේ. සිටින බෞද්ධාගමික සිසුන් හා ගුරු මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් මෙම සංගමය ක්‍රියාත්මක වේ.මෙහි අනුශාසකත්වය හොබවනු ලබන්නේ පූජ්‍ය කේ ජිනසිරි හිමි විසිනි.
මාසයේ සෑම පළමු සිකුරාදා දිනම බෞද්ධ සංගමය රැස්වේ.මෙහිදී සිසු දරුවන් හට තම දක්ෂතා හා තුසලතා පෙන්වීමට අවස්ථාවන් ද උදාවේ.මාසික රැස්වීමේ දී ඉදිරි මාසය තුළ සංගමය මගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව සමිති සාමාජිකයන් සමග සාකච්ඡා කෙරේ.
මෙම සංගමය මගින් පෙර පොහොය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වෙසක් සතිය ක්‍රියාත්මක කිරීම,පොසොන් සීල ව්‍යාපාරය සංවිධානය, බැති ගී ප්‍රසංගය සංවිධානය මෙන්ම සෑම දිනකම සිදුකරන උදෑසන බුද්ධ වන්දනා වැඩසටහන සංවිධානය කිරීම වැනි වැඩසටහන් පාසල තුල පවත්වා ගෙන යාමේ වගකීම දරනු ලබයි.






