පරිසරය අපි රකියි-රකිමු අපි පරිසරය යන තේමාව ඔස්සේ පරිසරයට ආදරය කරන පරිසරය රැකීමට දැනුවත් භාවයෙන් උරදෙන හා සමාජයට මාර්ගෝපදේශකත්වය සපයන සබෑ පරිසර හිතකාමියෙකු බිහිකිරිමේ අරමුණුත් මධ්‍යම පරිසර අධිකාරිය යටතේ පරිසර නියමු කණ්ඩායම පිහිටුවා තිබේ.
පදක්කම් ලබාගැනීම සදහා අවශ්‍ය ක්‍රියාකාරකම් එකින් එක සම්පූර්ණ කරමින් පරීක්ෂණ වලට මුහුණ දෙමින් පාසල් සිසුන් තුල පරිසර ආකල්ප සංවර්ධනය කිරීම පරිසර නියමු කණ්ඩායමේ අරමුණයි. හරිත පදක්කම් ලැබීමට සුදුසුකම් ලැබූ සිසුන් 15 දෙනෙකු හා පරිසර නියමු පදක්කම සදහා කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 දෙනෙකුගෙන් යුක්ත වේ.
පරිසර නියමු කණ්ඩායම මගින් පාසල අලංකරන වයාපෘතියක්,කසල කළමනාකරණය ,පරිසර සංරක්ෂණ වැඩසටහන් මෙන්ම රුක් රෝපණ වැඩසටහන්ද විවිධ ආයතන සමග එක්ව පාසල තුළ සිදු කරයි.






